21 ප්‍රහාරය ගැන සොයන විශේෂ කාරක සභාව විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරනවා
Related Articles
21 ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පළකළේ කැලණිය ගල්බොරැල්ල බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි. මරණයට කැපවී සිටි ගවයින් 12 දෙනෙකුට අභය දානය ලබාදීම උත්සවාකාරයෙන් මෙහිදී සිදුකෙරුණා. පිංකම සංවිධාන කෙරුණේ විහාරාධිපති පූජ්‍ය වත්තේගම සුමනසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදියි.