ආර්ජන්ටිනා සහ උරුගුවේ රාජ්‍යවල විදුලිබලය බිද වැටීමක් සිදුව තිබෙනවා. පැරගුවේද ප්‍රදේශ කිහිපයකට විදුලිබලය ඇණහිට ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
මෙය හදිසි තත්ත්වයක් බවයි එරට බලශක්ති අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. විදුලිබලය බිදවැටීමට හේතුව මෙතෙක් නිෂ්චිතව සඳහන් කර නැහැ. නගරයේ වෙළඳසැල් වසා දැමීමට සිදුව තිබෙනවා. ඉන්ධන ලබාදීමට ද ගැටළු මතුවිය හැකි බව එරට වාර්තා සඳහන් කරනවා.