fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය: ඉසිපතනය පරදා සාන්ත පීතර විද්‍යාලයට තියුණු ජයක්

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 10:13

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය: ඉසිපතනය පරදා සාන්ත පීතර විද්‍යාලයට තියුණු ජයක්

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කොළඹ ඉසිපතන විද්‍යාලය සමඟ පැවති දෙවන අදියරේ තරගයකින් ලකුණු 27ට 21ක් ලෙස තියුණු ජයක් වාර්තා කිරීමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමත් වුණා.

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාල රග්බි පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට ඉසිපතන විද්‍යාලය ලකුණු 21ක් ලබා සිටියා. එම අර්ධයේදී බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට ලබා ගත හැකි වුයේ ලකුණු 20ක් පමණයි. තරගයේ දෙවන අර්ධයේදී ආක්‍රමණශිලි තරග රටාවක නිරත වූ සාන්ත පීතර විද්‍යාල කණ්ඩායම , ඉසිපතන විද්‍යාල ක්‍රිඩකයින්ට ලකුණු ලබා ගැනිමට ඉඩක් ලබා දුන්නේ නැහැ. තරගය නිමාවන විට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය ලකුණු 27ක් රැස් කරමින් ජය හිමි කර ගත්තා. ඊට උත්සාහක ගෝල දිනුම් 03ක් , ප්‍රවර්තන 03ක් සහ දඩුවම් පහර 02ක් ඇතුලත්. ඒ වන විට  ඉසිපතන විද්‍යාලය ලබා සිටියේ  ලකුණු 21ක් පමණයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 10:13

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්