fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උණවටුන මුහුදේ ගිලීමෙන් එක් අයෙකු මියයයි – තවත් අයෙකු අතුරුදන්

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 10:04

උණවටුන මුහුදේ ගිලීමෙන් එක් අයෙකු මියයයි – තවත් අයෙකු අතුරුදන්

උණවටුන මුහුදේ ගිලීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව සිටිනවා.

මුහුදු වෙරළ නැරඹීමට පැමිණි පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් කදුගැටයක් මත සිටින විට එකවරම පැමිණි මුහුදු රළ පහරකට හසුවූ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකුයි මෙම අනතුරට මුහුණපා ඇත්තේ. දියේ ගිලී සිටි කාන්තාව බේරාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටියා. ඇය මහරගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක්.

අතුරුදන්ව සිටින පුද්ගලයා වංචාවල , පිලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සොයා තවමත් මෙහෙයුම් කටයුතු සිදුකෙරෙනවා. 35 හැවිරිදි ඔහු හමුදා සේවයේ නියුතු අයෙකු බවයි අප වාර්තාකරු පවසන්නේ. සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇති බවද වාර්තා වනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්