fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝලාන් කදුවැටියේ ඇමරිකා ජනපතිගේ නමින් නව ජනාවාසයක්

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 09:57

ගෝලාන් කදුවැටියේ ඇමරිකා ජනපතිගේ නමින් නව ජනාවාසයක්

ගෝලාන් කදු මුදුනේ නව ජනාවාසයක් ඉදිකිරීමට ඊශ‍්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කටයුතු කර තිබෙනවා. එය ඇමරිකා ජනාධිපතිවරයාගේ නමින් නම් කිරීමට ඔවුන් කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

නව ජනාවාසය ඉදිකිරීම සඳහා ඊශ‍්‍රායල් අග‍්‍රාමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට එරට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි වුණා. ගෝලාන් කදුකරයේ අයිතිය පිළිබඳ ඊශ‍්‍රායලය සහ පලස්තිනය අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගත්තා. එහෙත් ඇමරිකා ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ගෝලාන් කදුකරයේ අයිතිය ඊශ‍්‍රායලයට පවතින බවයි. ඔහුගේ ප‍්‍රකාශයත් සමඟ ඊශ‍්‍රායලය නව ජනාවාසයක ඉදිරිකිරීම් ආරම්භ කර තිබෙනවා. ඇමරිකා ජනාධිපතිවරයා මෙම ගැටළුවේදී ඊශ‍්‍රායලයට ලබාදුන් සහයෝගයට කෘතගුණ සැළකීමක් ලෙස ඔහුගේ නමින් මෙම නව ගොඩනැගිලි නම් කිරීමටයි තීරණය කළේ. එහෙත් ඊශ‍්‍රායලය සිදුකරන්නේ නීතිවිරෝධි ක‍්‍රියාවක් බව රටවල් කිහිපයක්ම සඳහන් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 09:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්