කේරළ ගංජා කිලෝ ග්රෑම් දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු වැල්ලම්පිටිය බුත්ගමුව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැල්ලම්පිටිය පොලීසියට ලැබුණු තෙරතුරක් මත යතුරුපැදියක් පරික්ෂා කළ අවස්ථාවේදීයි. සැකකරුවන් අංගොඩ සහ කඩුවෙල ප්රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අළුත්කඩේ අංක දෙක අධිකරණයට ඉදිරිපත් කරන බවයි පෙලිසිය පවසන්නේ.
මේ අතර යතුරුපැදියකින් ගංජා ප්රවාහනය කරමින් සිටි අඹුසැමි යුවළක් කිරිඇල්ල කුරුගම්මෝදර මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. යතුරුපැදියේ සූක්ෂම ලෙස සඟවා තිබියදී ගංජා කිලෝ ග්රෑම් 01කට ආසන්න ප්රමාණයක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. සැකකාර අඹුසැමි යුවල පානදුර ප්රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් ඇඹිලිපිටියේ සිට මෙලෙස පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.