අපනයන ගම්මාන පන් දහසක් ඇති කිරීමේ ජාතික වැඩසටහන අද දෙහිඅත්තකණ්ඩියෙන් ආරම්භ කෙරෙනවා. පෙරවරු 9.30ට පළමු ගම්මානය ආරම්භ කිරීම සිදුකරන බවයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කළේ. ඒ අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ගොවීන්ගේ ප්‍රාථමික නිෂ්පාදන අපනයන වෙළඳපළට ගැළපෙන ලෙස අගය එකතු කිරීමේ එක්බද්ධ ක්‍රියාවලියක් තුළින් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. ඒ සඳහා අදියර දෙකක් යටතේ මෙම අපනයන ගම්මාන පන් දහස ඉදිකෙරෙනවා. එම ගම්මානවල පවතින සම්පත් බහුලතාව මත අවශ්‍ය නිෂ්පාදන තෝරා ගැනීම සිදුකෙරෙන බවයි අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළේ.
වැඩසටහනේ පළමු අදියර වෙනුවෙන් ප්රාදේශ්රීය ලේකම් 300ක අපනයන ගම්මාන දහසක් ආරම්භ කෙරෙනවා. 2020 වනවිට ගම්මාන පන් දහසම ඉදිකර අවසන් කිරිමටයි සැලසුම් කර ඇත්තේ.