fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ 51 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 09:28

ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ 51 දෙනෙකු අත්අඩංගුවට

බෙලිහුල්ඔය ප්‍රදේශයේ පැවති නීතිවිරෝධී ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 51 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදුකළේ. ඔවුන් මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

බෙලිහුල්ඔය ප්‍රදේශයේ හෝටලයකයි මෙම ෆේස්බුක් සාදය පවත්වා ඇත්තේ. අද අලුයම මෙම වැටලීම සිදුකිරීම සදහා රත්නපුර සුරාබදු අධිකාරියේ නිලධාරීන්ගේ ද සහාය ලැබී තිබෙනවා. පුද්ගලයින් 51 දෙනෙකුට අමතරව මෙම ස්ථානයේ තිබී හෙරොයින් , කොකේන් , අයිස් , ගංජා යන මත්ද්‍රව්‍ය සමඟ මත්පෙති තොගයක් ද සොයාගත් බවයි විශේෂ කාර්ය බලකාය සදහන් කරන්නේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම රත්නපුර සුරාබදු අධිකාරිය මඟින් සිදුකෙරෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 09:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්