fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තානය පරදා ඉන්දියාවට ලකුණු 89ක ජයක්

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 09:21

පාකිස්තානය පරදා ඉන්දියාවට ලකුණු 89ක ජයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 22 වන තරගයෙන් පාකිස්තානය පරාජයට පත් කරමින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 89ක ජයක් වාර්තා කිරීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා.

මැන්චෙස්ටර්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 336ක් ලබා ගත්තා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රෝහිත් ෂර්මා ලකුණු 140යි. පන්දුයැවිමේදී පාකිස්තාන කණ්ඩායමේ මොහොමඩ් අමීර් කඩුලු 03ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ පාකිස්තාන කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය ජය ගැනීමට පන්දුවාර 40කදී හිමිවූ ඉලක්කය ලකුණු 302ක්. කෙසේ වෙතත් ඔවුන්ට කඩුලු 06ක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 212ක් පමණයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 09:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්