හොංකොංහි විරෝධතා සඳහා විරෝධතාකරුවන් මිලියන දෙකකට ආසන්න පිරිසක් එක්ව සිටි බව එරට වාර්තා සදහන් කරනවා.
හොංකොංහි නඩු විභාග කිරීම සදහා පැනවු නව උදර්පන නීතියට විරෝධය පළ කරමිනුයි මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ. එම උදර්පණ නීතියට අනුව හොංකොන් වැසියන් නඩු විභාගය සදහා චීනයට යැවීමටයි තීරණය කර තිබුණේ. මෙම උදර්පණ පනත තාවකාලික අත්හිටුවීමට හොංකොං නායිකා කැරීලැම් තීරණය කර තිබුණා. නමුත් විරෝධතාකරුවන් පවසන්නේ ඇයට තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසයි. හොංකොං ඉතිහාසයේ වැඩිම විරෝධතාකරුවන් පිරිසක් සහභාගි වු විරෝධතාව මෙය බවයි පැවසෙන්නේ.