බෙලිහුල්ඔය ප්‍රදේශයේ පැවති නීතිවිරෝධී ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 51 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදුකළේ.
බෙලිහුල්ඔය ප්‍රදේශයේ හෝටලයකයි මෙම ෆේස්බුක් සාදය පවත්වා ඇත්තේ. අද අලුයම මෙම වැටලීම සිදුකිරීම සදහා රත්නපුර සුරාබදු අධිකාරියේ නිලධාරීන්ගේ ද සහාය ලැබී තිබෙනවා. පුද්ගලයින් 51 දෙනෙකුට අමතරව මෙම ස්ථානයේ තිබී හෙරොයින් , කොකේන් , අයිස් , ගංජා යන මත්ද්‍රව්‍ය සමග මත්පෙති තොගයක් ද සොයාගත් බවයි විශේෂ කාර්ය බලකාය සදහන් කරන්නේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම රත්නපුර සුරාබදු අධිකාරිය මඟින් සිදුකෙරෙනවා.