ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා හමු වුණා.
ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්රණ ශාලාවේ පැවැති ආසියාවේ අන්තර් ක්රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ පස්වන සමුළුව අතරතුරදීයි මෙම රාජ්ය නායක හමුව සිදු වූයේ. ශ්රී ලංකාව සහ රුසියාව අතර ද්වී පාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙන්ම කලාපීය වශයෙන් වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරුණා. රුසියාවෙන් ශ්රී ලංකාවට ආනයනය කරන ඇතැම් භාණ්ඩ සදහා ඇමෙරිකා එක්සත් ජනපදය මේ වන විට සම්බාධක පනවා තිබෙනවා. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිලිබදව ද රාජ්ය නායකයන් දෙපළ සාකච්ඡා කළා. ශ්රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණෙන ලෙසට ව්ලැඩිමීර් පුටින් මහතා වෙත මෛත්රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී විශේෂ ඇරයුමක් සිදුකළා.