ශ්‍රී ලංකාව සංචාරයින්ට හිතකර සාමකාමි සහ ආරක්ෂිත රටක් බව ලෝකයට පෙන්වා දීම තම සංචාරයේ අරමුණ බව ශ්‍රී ලංකා සංචාරයේ යෙදි සිටින මාලදිවයින් දූත පිරිස පවසනවා.
ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන මාලදිවයින් උපජනාධිපති ෆයිසල් නසීම්, කතානායක, හිටපු ජනාධිපති මොහොමඩ් නෂිඩ්, මාලදිවයින් අමාත්‍යවරුන් ඇතුළු දූත පිරිස සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අරලියගහ මන්දිරයේදී සුහද සාකච්ඡාවක් පැවැත්වුනා. දෙරට අතර මිත්‍රත්වය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරිම පිලිබදව අග්‍රාමාත්‍යවරයා මාලදිවයින් නියෝජිත පිරිසට සිය කෘතඥතාවද මෙහිදි පළ කළා. අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මාලදිවයින් දූත පිරිසට රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුණේ ඉන් අනතුරුවයි. එම අවස්ථාවට අමාත්‍යවරුන්වන ජෝන් අමරතුංග, රවිකරුණානායක, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන රිෂාඩ් බදියුදීන්, එච්එම් ෆවුසි මුජිබ රහුමාන්, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ද අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක ඇතුළු දේශපාලඥයින් සහ නිළධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.