බෞද්ධාලෝක පොසොන් උළෙලේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ වුණා. ඒ සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්රයේදීයි.
සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධාන කරන මෙම පොසොන් උළෙළ ලබන 18 වනදා දක්වා පැවැත්වෙනවා. ඊට සමගාමීව සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයක් පැවැත්වෙන අතර මහා තොරණක් ද ඉදිකර තිබෙනවා. සම්බෝධි විහාරස්ථානයේ සිට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීම සිදු කෙරුණේ සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ කොළඹ නව කෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය දිවියාගහ යසස්සී ස්වාමීන් වහන්සේයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/vCCsur6Qwdg”]
මාලදිවයින් හිටපු ජනාධිපති සහ වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් සහ එරට උප ජනාධිපති ෆයිසල් නසීම් යන මහත්වරුන් ඇතුළු එරට දූත පිරිස සමග සුහද හමුවක් සහ භෝජන සංග්‍රහයක් ද පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය ජෝන් අමරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන රිෂාඩ් බදියුදීන් කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුශාසකත්වය මත අග්‍රාමාත්‍ය කාර්යාලයීය සුබ සාධක සංගමය සංවිධාන කරන කඩල දන්සල අරලියගහ මන්දිර පරිශ්‍රයේදී අද උදෑසන විවෘත කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. විශාල පිරිසක් ඊට එක්ව සිටින අයුරු දැකගත හැකි වුණා.