fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය පස්වරුවේ

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2019 13:13

ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය පස්වරුවේ

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය පස්වරුවේ පැවැත්වෙනවා. ඒ මැන්චෙස්ටර්හිදීයි.

ඉන්දීය කණ්ඩායම මෙහෙය වන්නේ විරාත් කෝලි.පාකිස්ථාන කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ සර්ෆරාස් අහමඩ්ට. දෙරට අතර ලෝක කුසලාන තරගය අවලංගු කරන ලෙස මීට පෙර ඉන්දීය ක්‍රිකට් බලධාරීන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් ද කළා. එහෙත් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය එය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනූව අද පැවැත්වෙන තරගයට පෙර කණ්ඩායම් දෙකේ නායකයින් හමුවී සුහදතාව පළකර ඇති බවයි කි‍්‍රක් ඉන් ෆෝ වාර්තා සඳහන් කළේ. මෙය ඉන්දියාව පාකිස්ථානය අතර තරගයක් නොව ඉන්දියාව සහ පාකිස්තානය වෙනුවෙන් පවත්වන තරගයක් බව ඔවුන් සඳහන් කර තිබෙනවා. මෙම තරගය ජයග‍්‍රහණය කළහොත් ඉන්දියාව ප‍්‍රසාද ලකුණු සටහනෙහි තුන් වන ස්ථානයට පැමිණෙනවා. තරගය පාකිස්ථානය ජයගත හොත් ඔවුන් ප‍්‍රසාද ලකුනු සටහනේ පස් වන ස්ථානයට පත්වන බවයි ක‍්‍රිකට් වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2019 13:13

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්