ජනපති හා අගමැති අතර ගැටුමක් හා විරසකයක් ඇති බවත් එය විසඳීම සඳහා අමාත්‍යවරුන් මැදිහත් වී ඇති බවත් සඳහන් කරමින් සතිඅන්ත ඉරිදා ලංකාදීප පුවත්පතේ පළව ඇති ප්‍රවෘත්තිය පදනමකින් තොර බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ගැටුමක් හා විරසකයක් ඇති බවත් එය විසඳීම සඳහා අමාත්‍යවරුන් මැදිහත්වී ඇති බවත් සඳහන් කරමින් සතිඅන්ත ඉරිදා ලංකාදීප පුවත්පතේ අජන්ත කුමාර අගලකඩ නමින් එම ප්රවෘත්ති පළ කර තිබෙනවා. කැබිනට් මණ්ඩල රැස්වීම අත්හිටුවීම සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට හේතු දක්වමින් ප්‍රවෘත්තියක් පළකර තිබුණේ ද අදාළ වාර්තාකරු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
එම ප්‍රවෘත්තියට අනුව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩල රැස්වීම අත්හිටුවන බව ප්‍රකාශ කර තිබුණේ අගමැතිවරයා සම්බන්ධයෙන් ගැටුමක් නිසා නොව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිබඳ ගැටලුවක් හේතුවෙනි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කිරීම හෝ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බලතල ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට නොව පාර්ලිමේන්තුවට බව ද එම නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා. එසේ තිබියදී ඊට අග්‍රාමාත්‍යවරයා සම්බන්ධකොට ප්රවෘත්ති නිර්මාණය කරන්නේ කවර හේතුවක් නිසා ද යන්න ප්‍රශ්නාර්ථයකි. අගමැතිවරයාට කිසිවෙකුත් සමග කිසිදු ගැටුමක් හෝ විරසකයක් නොමැති බවත් ව්‍යවස්ථානුකූලව තමන්ට පැවරි ඇති බලතල ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරමින් ක්‍රියාත්මක කරලීම කිසිදු ගැටුමකට හෝ විරසකයට හේතුවක් නොවන බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.