fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය සේවය අගයමින් ලෝක බැංකුවේ විශාලතම ආයෝජනය ශ්‍රී ලංකාවට

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2019 12:22

සෞඛ්‍ය සේවය අගයමින් ලෝක බැංකුවේ විශාලතම ආයෝජනය ශ්‍රී ලංකාවට

නිදහස් සෞඛ්‍ය සේවාව අගයමින් ලෝක බැංකුවේ විශාලතම ආයෝජනය ශ්‍රී ලංකාවට හිමි වී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නංවාලිම සදහා දිවයින පුරා ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක ස්ථාපිත කිරිමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නංවාලීමේ අරමුණින් වසර 05ක් තුළ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක ඒකක දිවයින පුරා ස්ථාපිත කිරීම සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ප්‍රධානය කර තිබෙනනවා. ඒ යටතේ මේ වසර තුළ සත්කාරක ඒකක 60ක් , ලබන වසරේ දී සත්කාරක ඒකක 150ක්  දිවයින පුරා ස්ථාපිත කිරීමට නියමිතයි. ඒ යටතේ කළුතර දෙදිවල ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර  ඒකකය ඉදි කිරීමට අදාළ මුල්ගල තැබිමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා.  සෞඛ්‍ය සත්කාරක ඒකක පිහිටුවීම හරහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා නංවාලීමේ ප්‍රතිපත්ති සහ චක්‍ර ලේඛණ ඇතුලත් ලිපි ගොණු සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් ජාතික සෞඛ්‍ය විද්‍යාතනය ඇතුළු රෝහල්වලට පිළිගැන්වීමද මෙහිදී  සිදු කෙරුණා.

මෙම අවස්ථාවට කෝට්ටේ පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දෙදියවල තිලකසිරි නාහිමියන් ඇතුළු මහසංඝරත්නය , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , සෞඛ්‍ය  බලධාරින් මෙන්ම ලෝක බැංකුවේ නියෝජිතවරයාද එක්ව සිටියා. මෙහිදී උත්සව සභාව ඇමතු අමාත්‍යවරයා සදහන් කළේ ඇමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල රෝග නිවාරණයට වඩා ඉදිරියෙන්  ශ්‍රී ලංකාව සිටින බවයි.

අමාත්‍ය රාජිත සේනාරත්න,

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2019 12:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්