හෙරොයින් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාවක ද ඒ අතර වන බවයි පොලීසිය ප්රකාශ කළේ.
ඔවුන් සතුව තිබී හෙරොයින් ග්රෑම් හතරයි මිලිග්රෑම් 925 ක් සොයාගත්තා. ඔවුන් අවුරුදු 27 සහ 29 වයස්වල පසුවන්නන්. දෙදෙනාම බදුල්ල ප්රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය ප්රකාශ කළේ. ඔවුන් අද බදුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.