අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද මඩකලපුව ප්රදේශයේ සංචාරයක නිරතවුණා.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයෙන් හානියට පත්වූ මඩකලපුව සියෝන් දේවස්ථානය වෙතද කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පැමිණියා. එම දේවස්ථානය නිරීක්ෂණය කළ අගරදගුරු හිමිපාණන් එහිදී ආගමික වතාවත්වල නිරතවුණේ ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූ ජනතාව සිහිපත් කරමින්. රටේ ස්ථිර සාමය හා සමගිය උදෙසා විශේෂ ප්රාර්ථනයක් සිදු කිරීමට ද මෙහිදී කටයුතු කෙරුණා. ප්රහාරයට ලක්වූ ජනතාවගේ ඥාතීන් සමග ද අගරදගුරු හිමිපාණන් සුහද කතාබහක නිරතවුණා. මඩකලපුව රදගුරු ආචාර්ය පොන්නයියා ජෝශප් හිමිපාණන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.