fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීන-හොංකොං බෞද්ධ නියෝජිතයින් හා අගමැති අතර හමුවක්

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2019 17:57

චීන-හොංකොං බෞද්ධ නියෝජිතයින් හා අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා චීන ෂැන්හායි- හොංකොං බෞද්ධ නියෝජිතයින් පිරිසක් අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා.

චීන දරුවෙකු පැවිදි කරවීමේ පින්කම හෙට පෙරවරු 10.00ට  පැවැත්වීමට නියමිතයි. රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනේදී එය සිදු කෙරෙන්නේ පූජ්‍ය පිංඹුරේ උදිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ මූලිකත්වයෙන්. කතානායක කරූ ජයසූරිය මහතා ද ඊට ආරාධිතයෙකු ලෙස එක්වෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේදී චීන ෂැන්හායි හොංකොං බෞද්ධ නියෝජිත පිරිස සදහන් කළේ සිනෝ ශ්‍රී ලංකා මිත්‍රත්ව බෞද්ධ අධ්‍යාපන ආයතනය නමින් ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවයි. රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනට අනුබද්ධිතව එය සිදු කෙරෙනු ඇති. බෞද්ධ අධ්‍යාපනය සම්බන්ධව චීන ශ්‍රී ලංකා හා හොංකොං ගිහි සැදැහැවතුන්ට වාර්ෂික සමුළුවක් පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2019 17:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්