යෝජිත පනත් කෙටුම්පත ප්රමාද කිරීමට හොංකොං රජය තීරණය කර තිබෙනවා. අපරාධ සම්බන්ධ වැරදි වලට චෝදනා එල්ලවන පුද්ගලයින් යළි චීන මව් රටට පිටත්කර හැරිම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත සකස් කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මෙම යෝජනාවත් සමඟ දින කිහිපයක සිට හොංකොං හි දැවැන්ත විරෝධතා පැවැත්වුණා.
රාජ්ය ආයතන ද වසා දැමුණු බවයි එරට වාර්තා සදහන් කළේ. විරෝධතා වලින් පොලිසියේ විසි දෙදෙනෙකුට තුවාල සිදුවුණා.
විරෝධතාකරුවන් 62 දෙනෙකු රෝහල් ගතකළ බවයි ප්රවෘත්ති වාර්තා පෙන්වා දුන්නෙ. තවත් 11 දෙනෙකු තවමත් පොලිස් අත්අඩංගුවේ පසුවනවා.