fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2019 12:30

හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට

bනැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා අද ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයට කැදවා තිබුණා. ඒ පසුගිය අප්‍රේල් 22 වනදා ඇදිරිනීතිය බල පැවැත්වෙන අවස්ථාවේදී කල්කුඩා ප්‍රදේශයේ  හෝටලයකට පැමිණීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු දින රාත්‍රී 10ට පමණ ඇදිරිනීතිය බල පැවැත්වෙන අවස්ථවේ කල්කුඩා ප්‍රදේශයේ හෝටලයකදී සැක සහිත ලෙස අරාබි ජාතිකයන් දෙදෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන මාධ්‍ය හරහා විකාශය වුණා.

මේ සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදුකරන අතර ඒ පිළිබදව ප්‍රශ්න කිරීම සදහායි හිටපු ආණ්ඩුකාරවරයා ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයට කැඳවා තිබුණේ.

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2019 12:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්