මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව කොමිසන් සභාවක් කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙන එන බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසනවා. මාර්ග අනතුරු වින්දිතයින්ට වන්දි ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මාර්ග අනතුරු වින්දිතයින් සදහා වන්දි ප්රදානය කිරීම මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී සිදුවුණා. ඒ අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. මග අනතුරු අහිමි දේශයක් යන තේමාවෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව හා එක්වයි එය සංවිධාන කර තිබුණේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එල් පී ජයම්පති හා මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ යන මහත්වරු ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.