fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සත්කාරක එංගලන්තයට කඩුලු 08ක ජයක්

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2019 10:53

සත්කාරක එංගලන්තයට කඩුලු 08ක ජයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 19 වන තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරිමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින්.

සවුත්හැම්ප්ටන්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 212 ක් රැස් කළා. නිකල්ස් පූරන් ලකුණු 63යි. පන්දුයැවිමේදී එංගලන්ත කණ්ඩායමේ මාක් වුඩ් සහ ජෙෆ්ර ආචර් කඩුලු 03 බැගින් බිද හෙලුවා. ලකුණු 213ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර තිස්තුනයි පන්දුවක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවි එම ඉලක්කය පසු කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2019 10:53

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්