නීතිවිරෝධී ධීවර දැල් තොගයක් මඩකලපුවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැල් 586 ක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩිස්කෝ දැල්, විසි දැල්, කුඩා ඇස් ඇති දැල් ආදී නීති විරෝධී දැල් වර්ග ඒ අතර වන බවයි ධීවර දෙපාර්තමේන්තුවේ මඩකලපුව දිසා සහකාර අධ්යක්ෂ රුක්ෂාන් කුරුස මහතා පවසන්නේ. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 12 ක් පමණ වනවා. දැල් තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුත කර ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.