නිවසක ඇති වූ ගින්නකින් කාන්තාවක් ජීවිතක්ෂයට
Related Articles
කැලණිය පොල්හේන ප්රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා. මියගොස් ඇත්තේ වයස අවුරුදු 72 ක් වන කාන්තාවක්.
ඇය අංශභාග රෝගයෙන් පීඩා විදිමින් සිට ඇති අතර ගින්න ඇතිවූ අවස්ථාවේ නිවස තුළ වෙනත් කිසිවෙකුත් රැදී සිට නැහැ.
ඉටිපන්දමක් පෙරළියාමෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කරන්නේ.