සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම අතර තරඟය සවුත්ඇම්ප්ටන් හිදි පස්වරුවේ ආරම්භ වනවා. එංගලන්ත කණ්ඩායම මෙහෙයවන්නේ ඉයන් මෝගන්. ජේසන් හෝල්ඩර් කොදෙව් කණ්ඩායම මෙහෙයවනවා.
ඉන්දියාව සහ නවසිීලන්තය අතර ඊයේ (13) පැවැත්විමට නියමිතව තිබූ තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණේ දෙපිළටම ප්රසාද ලකුණ බැගින් පිරිනමමින්. මෙවර තරඟාවලියේදි වර්ෂාව හමුවේ මෙතෙක් ප්රසාද ලකුණු හිමි නොවූ රටවල් වන්නේ ඔස්ටේ්රලියාව, එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය පමණයි. අනෙක් රටවල් හතම මුහුණ දුන් තරඟ වලට වර්ෂාවෙන් බාධා මතුවුණා.