fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිෂාඩ් , හිස්බුල්ලා සහ අසාද් සාලිට එරෙහිව පැමිණිලි 27 ක්

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2019 12:08

රිෂාඩ් , හිස්බුල්ලා සහ අසාද් සාලිට එරෙහිව පැමිණිලි 27 ක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් , හිටපු ආණ්ඩුකාරවරුන් වන  එම් එල් ඒ එම් හිස්බුල්ලා සහ අසාද් සාලි  යන මහත්වරුන්ට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි 27ක් ලැබී තිබෙනවා. පසුගිය 27 වනදා සිට මේ දක්වා එම පැමිණිලි ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සදහන් කළේ.

එම පැමිණිලි අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පැමිණි 12ක් සහ  හිටපු ආණ්ඩුකාරුන් වන අසාද් සාලි මහතාට  එරෙහිව පැමිණිලි 5ක් සහ හිස්බුල්ලා මහතාට  එරෙහිව පැමිණි 2ක් ද ලැබී තිබෙනවා.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අද කැදවා තිබෙනවා. මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහායි ඔහු මෙසේ කැදවා තිබෙන්නේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ ගොනුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණියා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2019 12:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්