රාවන් වන් චන්ද්‍රිකාව ලබන 17 වෙනිදා කක්ෂගත කරන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. මෙරට ඉංජිනේරුවරුන් නිර්මාණය කළ පළමු චන්ද්‍රිකාව වන මෙය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාම සිදුවුණේ පසුගිය අප්‍රේල් 17 වෙනිදා.
මෙය ශ්‍රී‍්‍ර ලංකාවේ අභ්‍යාවකාශ තාක්ෂණික අංශයේ විශාල ප්‍රගතියක් බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා සඳහන් කළේ.
රාවන් වන් නැනෝ චන්ද්‍රිකාවක්. නැනෝ චන්ද්‍රිකාව ප්‍රමාණයෙන් කුඩා වුවද විශාල සංකීර්ණ චන්ද්‍රිකාවක තිබිය යුතු මූලික තාක්ෂණික පද්ධතියේ සියලු දේ අන්තර්ගතව තිබීම විශේෂත්වයක් බවයි ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා පෙන්වාදෙන්නේ.