fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා අද සිට

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2019 10:21

පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා අද සිට

පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා අද සිට කි‍්‍රයාත්මකයි. ඒ ලංකා ගමනා ගමන මණ්ඩලය, දුම්රිය සහ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ දායකත්වයෙන්.

ලබන අඟහරුවාදා අලුයම දක්වා මෙම ඒකාබද්ධ ප‍්‍රවාහන සැලැස්ම කි‍්‍රයාත්මක බවයි ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ. ලංකා ගමනා ගමන මණ්ඩලය රජරට , කොළඹ, මහනුවර, ගම්පහ සහ වයඹ යන ප‍්‍රදේශ පහ ආවරණය වන පරිදි බස් රථ හයසියක් ධාවනයට එක්කරනවා.

කොළඹ කොටුව – අනුරාධපුරය , මහව – අනුරාධපුරය සහ අනුරාධපුරය – බෙලිඅත්ත යන ප‍්‍රදේශ සඳහා ද විශේෂ දුම්රිය ධාවනයටයි සැලසුම් කර තිබෙන්නේ. පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලය අතර නොමිලේ විශේෂ දුම්රිය ධාවනය අද සිට කි‍්‍රයාවට නැංවෙනවා. ලබන 18 වෙනිදා දක්වා මෙම විශේෂ දුම්රිය ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ද විශේෂ ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක කරන බව එහි සභාපති ජනක මල්ලිමාරච්චි මහතා පවසනවා. මෙතෙක් පොසොන් සමයේදී අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සේවාවල ගමනාන්තය වූයේ අනුරාධපුරයයි. එහෙත් මෙවර විවිධ ප‍්‍රදේශ වලින් ආරම්භ වන පොසොන් සේවා බස් රථ මිහින්තලය දක්වාම ගමන් කරන බවයි සභාපතිවරයා පෙන්වාදුන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2019 10:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්