fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ 19 වන තරඟය පස්වරුවේ

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2019 10:16

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ 19 වන තරඟය පස්වරුවේ

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ 19 වන තරඟය එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පස්වරුවේ පැවැත්වෙනවා. ඒ සවුත් හැම්ටන් හිදීයි.

තරඟාවලියේදී එංගලන්ත කණ්ඩායම තරඟ තුනකට මුහුණදී ඇති අතර ඉන් දෙකක් ජයග‍්‍රහණය කර තිබෙනවා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරඟ තුනකින් එකක් පමණක් ජයග‍්‍රහණය කිරිමට සමත් වුණා. වර්ෂාවෙන් බාධාවීම නිසා ඊයේ පැවැති ඉන්දියාව හා නවසීලන්තය අතර තරඟය අත්හැර දැමීමටයි සිදුවුණේ. ඒ අනුව කණ්ඩායම් දෙකටම ප‍්‍රසාද ලකුණක් බැගින් හිමිව තිබෙනවා.

මෙලෙස වර්ෂාවෙන් බාධාවූ හතර වන තරඟය මෙයයි. මීටපෙර ශ්‍රී‍්‍ර ලංකාව සහ පකිස්ථානය, දකුණු අපි‍්‍රකාව සහ බටහිර ඉන්දීය කොදෙව් මෙන්ම ශ්‍රී‍්‍ර ලංකා හා බංගලිදේශ අතර තරඟ වලට ද වර්ෂාව හේතුවෙන් බාධා සිදුවුණා.

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2019 10:16

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්