fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරේ ජනතාවට සදහම් පණිවුඩය සහ සහජීවනය රැගත් සදහම් චාරිකාව බෙලිඅත්තට

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 16:52

උතුරේ ජනතාවට සදහම් පණිවුඩය සහ සහජීවනය රැගත් සදහම් චාරිකාව බෙලිඅත්තට

උතුරේ ජනතාවට සදහම් පණිවුඩය සහ සහජීවනය රැගත් සදහම් චාරිකාව අද රත්නපුරයේ සිට බෙලිඅත්ත දක්වා ක්‍රියාත්මක කෙරුණා.

දඹදෙණිය ඓතිහාසික කවුඩුමුන්න රජමහා විහාරස්ථානයේ සිට ගමන් ආරම්භ කළ උතුර දකුණ බුදුන් දකින පොසොන් උදානය රිය පෙරහැර ඊයේ රත්නපුරයට ළගා වුණා. එම රිය පෙරහැර අද රත්නපුරයෙන් යළි ගමන් ආරම්භ කලේ බෙලිඅත්ත දුම්රිය ස්ථානය කරා ගමන් කිරිමේ අරමුණ ඇතිවයි. අග්‍රාමාත්‍ය කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, දුම්රිය දෙපාර්තමේන්තුව හා දඹදෙණිය බුජ්ජමුව බෝසත් ප්‍රජා සත්කාර පදනම එක්වයි මෙය සංවිධාන කළේ.

මෙම රිය පෙරහැරේදී ලැබෙන පරිත්‍යාගයන් කන්කසන්තුරේ චෛත්යකය ඉදිකිරීමට හා එම ප්රහදේශයේ දෙමළ පවුල් 300 කට වියළි ආහාර ලබා දීම සඳහා යෙදවීමට නියමිතයි. රිය පෙරහැර බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමෙන් පසු හෙට විශේෂ දුම්රිය මැදිරියක පිරිත් සජ්ඣායනා කරමින් කන්කසන්තුරේ බලා ගමන් ආරම්භ කරනවා. එම දුම්රිය කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට අනිද්දා අලුයම ළඟා වීමට නියමිතයි. මග දෙපස රැස් වූ බොහෝ පිරිසක් මෙම රිය පෙරහැර සමග එක්වුණා. පිංකම සංවිධාන කෙරෙන්නේ පූජ්යො ගින්නලියේ ආයුපාල ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදියි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 16:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්