fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආන්දෝලනාත්මක ඝාතන හතරක විමර්ෂණ කඩිනම් කරන්නැයි නීතිපති පොලිස් ප‍්‍රධානීන්ට දැනුම් දෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 15:29

ආන්දෝලනාත්මක ඝාතන හතරක විමර්ෂණ කඩිනම් කරන්නැයි නීතිපති පොලිස් ප‍්‍රධානීන්ට දැනුම් දෙයි

මාධ්‍යවේදි ලසන්ත වික‍්‍රමතුංග සහ රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක අපරාධ හතරක් සම්බන්ධ විමර්ශන කඩිනම් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස් ප‍්‍රධානීන්ට දැනුම්දි තිබෙනවා.

වැඩබලන පොලිස්පති සී වී වික‍්‍රමරත්න මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙන්ම එහි අධ්‍යක්ෂවරයාට ද ඒ බව දැනුම්දි ඇතැයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කළේ. මෙම සිද්ධි හතරට අදාල සම්පූර්ණ විමර්ශන වාර්තා තමා වෙත ඉදිරිපත් කරන ලෙසද නීතිපතිවරයා පොලිස් ප‍්‍රධානින්ට දැනුම්දි තිබෙනවා.

ලසන්ත වික‍්‍රමතුංග සහ වසීම් තාජුඩීන් ඝාතනය මෙන්ම කප්පම් ලබා ගැනිම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය සහ මුතූර් හිදි රාජ්‍ය නොවන සංවිධානයක සේවකයන් 17 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය පිළිබද පරීක්ෂණ කඩිනම් කරන ලෙසයි නීතිපතිවරයා දැනුම් දුන්නෙ. මෙම සිද්ධීන්ට අදාල පරීක්ෂණවල අනිසි ප‍්‍රමාදයක් පවතින බවට නීතිපතිවරයා නිරීක්ෂණය කර ඇති බවයි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 15:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්