ඉතිහාසයේ පලමුවරට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත්‍ර ඔන්ලයින් ක්‍රමයට නිකුත් කිරිම ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
විභාග දෙපාර්තමේන්තුවේ www. donets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඕනෑම අයදුම්කරුවෙකුට පැය 24 ක් තුළ සහතිකය ලබාගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
සහතික පත් බෙදාහැරිම සදහා විභාග දෙපාර්තමේන්තුව සහ තැපැල් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් තැබූ බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ. දිවයිනේ දුර බැහැර සහ විදේශගතව සිටින අයදුම්කරුවෙකුට ද ඔන්ලයින් ක්‍රමය හරහා සහතික පත් ලබාගැනීමට මෙමගින් අවස්ථාව හිමිවනවා.