චන්ද්‍රයාන් දෙක අභ්‍යවකාශ මෙහෙයුම ලබන මස ආරම්භ කිරීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය තීරණය කර තිබෙනවා.
ලබන සැප්තැම්බර් මාසයේදි එම යානය සද මතට ගොඩබැස්සවීමටයි ඔවුන් අපේක්ෂා කරන්නේ. සද මතුපිට ඇති ජලය ඛනිජ සහ පාෂාණ පිළිබද දත්ත සෙවීම මෙහි අරමුණයි. මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් සාර්ථක ලෙස සදමතට යානයක් ගොඩබැස්ස වූ හතරවන රට බවට ඉන්දියාව පත් වනවා. මීට පෙර මෙලෙස සාර්ථක ලෙස සද මත යානා ගොඩබස්සවා ඇත්තේ ඇමෙරිකාව, සෝවියට් දේශය සහ චීනයයි.