fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුසම්මිල් ඇතුළු පස් දෙනෙකුට එරෙහි නඩුව යළි කැඳවීම නොවැම්බර් 26

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 13:24

මුසම්මිල් ඇතුළු පස් දෙනෙකුට එරෙහි නඩුව යළි කැඳවීම නොවැම්බර් 26

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාට සිහි කැඳවීමක් යොමු කරන ලෙස කොළඹ වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දුන් වාහන අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.  සියලු සැකකරුවන්ගේ උදෘත නීතිපතිවරයාට යොමු කර ඇති බවයි පොලිස් මූල්‍ය අපාරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ. සිද්ධියට අදාළ නඩුව නොවැම්බර් 26 වනදා යළි කැදවීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 13:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්