පිවිතුරු හෙල උරුමය පක්ෂයේ උපනායක සහ ගායන ශිල්පී මධුමාධව අරවින්ද ගොණු කළ මූලික අයිතිවාසකම් පෙත්සමට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට ශ්‍රේෂ්ධිකරණය අද නියෝග කළා.
පසුගිය මැයි මස 13 දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධියකට තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටයි මූලික අයිතිවාසකම් පෙත්සම ගොණු කර තිබුණේ. මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු පරීක්ෂණ වලින් හෙලිවී නැති බව ප්‍රකාශ කරමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. පොලීසිය කළ පරීක්ෂණවල සම්පිණ්ඩන වාර්තාවක් ලැබී ඇති බවත් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශ කළා.