ජනපති අද තජිකිස්ථානයට
Related Articles
ආසියාවේ අන්තර් ක්රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබද සමුළුට සහභාගි වීම සදහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා තජිකිස්තානයේ දෙදින නිල සංචාරයක් සදහා අද (13) පිටත්ව ගියා.
ආසියාවේ අන්තර් ක්රියාකාරීත්වය සහ විශ්වාසය ගොඩ නැගීමේ ක්රියාමාර්ග පිළිබද සමුළුව තජිකිස්තානයේ දුෂාන්බේ නගරයේදී හෙට(14) සහ අනිද්දා (15) දෙදින පැවැත්වෙනවා. රටවල් 26 ක් සාමාජිකත්වය දරණ මෙම රාජ්ය නායක සමුළුවේදී ජනාධිපතිතුමා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙන්නේ අනිද්දා (15) දිනයේදීයි.