fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

19න් පහළ රග්බි තරගාවලිය: ධර්මරාජය පරදා සාන්ත අන්තෝනි විද්‍යාලය ජයගනී

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 10:24

19න් පහළ රග්බි තරගාවලිය: ධර්මරාජය පරදා සාන්ත අන්තෝනි විද්‍යාලය ජයගනී

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන වයස අවුරුදු 19න් පහළ රග්බි තරගාවලියේ මහනුවර ධර්මරාජ විද්‍යාලය සමඟ පැවති තරගය ලකුණු 24ට 21ක් ලෙස ජයග්‍රහණය කිරිමට කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සමත් වුණා.

මහනුවර නිත්තවෙල රග්බි පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 14ක් ලබා සිටියා. එම අර්ධයේදී මහනුවර ධර්මරාජ විද්‍යාලයට ලබා ගත හැකි වුයේ ලකුණු 07ක් පමණයි. තරගයේ දෙවන අර්ධයේදී ආක්‍රමණශිලි තරග රටාවක නිරත වූ සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රිඩකයින් පෙරමුණේ පසුවුණා. තරගය නිමාවන විට ඔවුන් ලකුණු 24ක් රැස් කරමින් ජය හිමි කර ගත්තා. ඊට උත්සාහක ගෝල දිනුමක් සහ දඩුවම් පහරක් ඇතුලත්. ඒ වන විට මහනුවර ධර්මරාජ විද්‍යාලය ලබා සිටියේ  ලකුණු 21ක් පමණයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 10:24

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්