ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කොළඹ ඉසිපතන විද්‍යාලය සමඟ පැවති තරගය ලකුණු 29ට 18ක් ලෙස ජයග්‍රහණය කිරිමට වෙස්ලි විද්‍යාලය සමත් වුණා.
කොළඹ හැව්ලොක් ක්‍රිඩා සමාජ රග්බි පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට වෙස්ලි විද්‍යාලය ලකුණු 19ක් ලබා සිටියා. එම අර්ධයේදී කොළඹ ඉසිපතන විද්‍යාලයට ලබා ගත හැකි වුයේ ලකුණු 08ක් පමණයි. තරගයේ දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. තරගය නිමාවන විට වෙස්ලි විද්‍යාලය ලකුණු 29ක් රැස් කරමින් ජය හිමි කර ගත්තා. ඊට උත්සාහක ගෝල දිනුම් 05ක් සහ ප්‍රවර්තන 02ක් ඇතුලත්. ඒ වන විට ඉසිපතන විද්‍යාලය ලබා සිටියේ ලකුණු 18ක් පමණයි.