fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තානය පරදා ඕස්ට්‍රේලියාවට ලකුණු 41 ජයක්

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 09:42

පාකිස්තානය පරදා ඕස්ට්‍රේලියාවට ලකුණු 41 ජයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සමඟ පැවති තරගය ලකුණු 41 කින් ජයග්‍රහණය කිරිමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 17 වන තරගය‍ මෙයයි. එංගලන්තයේ ටවුන්ටන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි  ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 307ක් රැස් කළා. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 146ක සාර්ථක සබඳතාවයක් ගොඩනැගුවා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩේවිඩ් වෝනර් ලකුණු 107ක් ලබා ගත්තා. විශිෂ්ට පන්දුයැවිමක නිරත වූ මොහොමඩ් අමීර් ලකුණු 30කදී කඩුලු 05ක් බිද හෙලුවා.

පිළිතුරු  ඉනිම ක්‍රිඩා කිරිමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු හතරක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 266ක් පමණයි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 09:42

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්