ඉන්දියාවේ ගුජරාට් ප්රාන්තයට අද පස්වරුවේ ඇතුළුවීමට නියමිත වායු සූලිකුණාටුවෙන් බලපෑම් එල්ල විය හැකි බව එරට කාලගුණ අංශ සදහන් කරනවා.
පැයට කිලෝමිටර 155ත් 156 අතර වේගයකින් මෙම සුළි කුණාටුව හමා යන බවයි සදහන් වන්නේ. මේ වන විටත් දුම්රිය ගමන්වාර 70ක් අවලංගු කර තිබෙනවා. ඉදිරි පැය 24 තුළ දැඩි අවධානායෙන් පසුවන ලෙස එරට කාලගුණ අංශ ජනතාවට අනතුරු අඟවනවා. ලක්ෂ තුනක පමණ පිරිසක් ආරක්ෂක ස්ථාන කරා යොමු කිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කළා. සහන කණ්ඩායම් පනස් දෙකක් ද යොදවා තිබෙනවා.