fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ශ‍්‍රවණාගාරය විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 18:14

අධ්‍යාපන අමාත්‍යාංශයේ  නව ශ‍්‍රවණාගාරය විවෘත කෙරේ

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

බත්තරමුල්ල ඉසුරුපාය පරිශ්‍රයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පල කළා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පහසුකම් පුළුල් කිරීමේ වැඩපිළිවෙල යටතේ ඉදිකෙරුණු අංග සම්පූර්ණ ශ්‍රවනාගාරය විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඉසුරුපාය 07 වෙනි මහලේ පිහිටි මෙම ශ්‍රවනාගාරය ආසන 300 කින් සමන්විතයි. මේ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 30 ක්. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩමුළු, සාකච්ඡා, නිලධාරී රැස්වීම් ඇතුළු විශේෂ වැඩසටහන් වෙනුවෙනුයි මෙය ඉදිකෙරුණේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 18:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්