ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ඇලෙයිනා ටිප්ලිට්ස් මහත්මිය හා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අතර හමුවක් කොළඹදී පැවැත්වුණා.
ජාතික ඒකාබද්ධතා, සංහිදියා හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ දී ඇමෙරිකා තානාපතිවරිය හා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අතරයි හමුව පැවැත්වුණේ.
රට තුළ පවත්නා සංහිදියාව හා සහජීවනය පිළිබද මෙහිදී කරුණු සාකච්ඡා කළ බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළා.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට ද අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබාදුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/jZoDcytUXGg”]