fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැස්ස හෙට වැඩිවෙයි – තද සුළඟින් හානි රැසක්

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 18:08

වැස්ස හෙට වැඩිවෙයි – තද සුළඟින් හානි රැසක්

පවත්නා වැසි සහිත කාලගුණික තත්ත්වය හෙට දිනය වන විට තවදුරටත් වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24  තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර තද වැසි සමග අධික සුළං තත්ත්වයක් දිවයිනේ ප්‍රදේශ රැසකින් අද දහවල් වාර්තා වුණා. කුරුණෑල නාරම්මල ප්‍රදේශයේදී ගසක අත්තක් කඩා වැටීමෙන් පෙර පාසල් සිසුන් 3 දෙනෙකු තුවාල ලැබුවා. බේරුවල ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් ගාලු පාරේ රථ වාහන ධාවනයට බාධා එල්ල වුණා. දුරකථන හා විදුලි රැහැන් මතට එම ගස කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශයේ විදුලි හා සන්නිවේදන සේවාවන් ද බිඳ වැටුණා. බේරුවල පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ගස ඉවත් කිරීමට ඉදිරිපත් වීමත් සමග ප්‍රදේශයේ තරුණ පිරිස ද ඊට එක්වීම හේතුවෙන් පැයක් ඇතුළත මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 18:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්