fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොසොන් පොහොය වෙනුවෙන් පැවැත්වෙන වැඩසටහන්වලට බය නැතුව සහභාගී වෙන්න

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 18:00

පොසොන් පොහොය වෙනුවෙන් පැවැත්වෙන වැඩසටහන්වලට බය නැතුව සහභාගී වෙන්න

පොසොන් පොහොය වෙනුවෙන් පැවැත්වෙන වැඩසටහන්වලට කිසිදු බියකින් තොරව සහභාගි වන ලෙස සේදවත්ත රජමහා විහාරාධිපති පූජ්‍ය අඹන්වල ඥානාලෝක ස්වාමීන්වහන්සේ ඉල්ලීමක් කරනවා. ආරක්‍ෂක අංශ දිවයින පුරා පූර්ණ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බැවින් එම වැඩසටහන්වලට සහභාගි වීමේ ගැටලුවක් නැති බවයි අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ පෙන්වා දුන්නේ.

මේ අතර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ දිවයින පුරා පිහිටි සියලු සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. මීට අමතරව පොසොන් සතිය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පිහිටි සියලු මත්පැන් අලෙවිසල් හෙට සිට ලබන 19 වනදා දක්වා වසා තැබෙන බවද සුරාබදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සදහන් කළා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 18:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්