fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මානසික ආබාධ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම හෙළිදරව්ව

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 16:12

මානසික ආබාධ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම හෙළිදරව්ව

ලෝකයේ යුධ ගැටුම් පවතින ප්‍රදේශවල ජීවත්වන ජනතාවගෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මානසික ආබාධයකින් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා.

එම ජනතාව විශාදය, කම්පනය, දැඩි ආතතිය, භීතිය වැනි මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙනවා. ඇෆ්ගනිස්ථානය, ඉරාකය, දකුණු සුඩානය, සිරියාව සහ යේමනය යන රටවල යුද කලාප වල ජීවත්වන ජනතාවට මෙම තත්ත්වය බරපතල ලෙස පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

එම ජනතාවට කඩිනමින්ම මානසික ප්‍රතිකර ලබා නුදුන්නහොත් සිය දිවිනසා ගැනීම දක්වා එය වර්ධනය විය හැකියි. ලෝක ජනගහනයෙන් සියයට 12 ක් යුද කලාපවල ජීවත්වන අතර දෙවන ලෝක යුද්ධයේ සිට මේ දක්වා මිලියන 69 ක ජනතාවක් සිය ගම්බිම් අතහැර පලා ගොස් තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 16:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo