හොංකොං හි විරෝධතා කරුවන් සහ පොලිසිය අතර ගැටුම් උත්සන්නවී තිබෙනවා. විරෝධතා කරුවන් පාලනයට පොලිසිය ගම්මිරිස් කුඩු සහ බැටන් ප්රහාර එල්ල කර ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.
යෝජිත පනතකට එරෙහිවයි දින කිහිපයක සිට හොංකොං ජනතාව මෙලෙස විරෝධතාවල නිරතව සිටින්නේ. ඔවුන් රජයේ ගොඩනැගිලි වටා රැදී සිටිමින් ප්රධාන මාර්ග සියල්ල අවහිර කර තිබෙනවා.