fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උගන්ඩාවෙන් පළමු ඉබෝලා වෛරස ආසාධිතයා වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 13:56

උගන්ඩාවෙන් පළමු ඉබෝලා වෛරස ආසාධිතයා වාර්තා වෙයි

උගන්ඩාවෙන් පළමු ඉබෝලා වෛරසය ආසාධිතයා වාර්තා වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වයස අවුරුදු පහක උගන්ඩා දරුවෙකු මෙසේ වෛරසය ආසාධිත බවට තහවුරු කරගෙන ඇති බවයි. අසල්වැසි කොංගෝ ජනරජයෙන් ඉබෝලා වෛරසය ආසාධිතයින් 2000 ක් පමණ වාර්තා වුණත් උගන්ඩාවේ වාර්තා වන පළමු රෝගියා මෙය විම විශේෂත්වයක්. එම දරුවා පසුගිය දිනක කොංගෝ ජනරජයට සංචාරය කර නැවත පැමිණ තිබෙනවා. ඔහුට ඉබෝලා වෛරසයේ සියලු රෝග ලක්ෂණ දැනට වාර්තා වී ඇති අතර ඔහුගේ පවුලේ සාමාජිකයින්ද දැඩි සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. අගෝස්තු මාසයේ සිට මෙම දක්වා ඉබෝලා වෛරසය ආසාදනය වූවන් 1400 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 13:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්