fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුනරුත්ථාපනය කළ හිටපු LTTE සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 13:56

පුනරුත්ථාපනය කළ හිටපු LTTE සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ වැඩසටහනක්

පුනරුත්ථාපනය කර සමාජ ගතකළ හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙනවා.

පුනරුත්ථාපනය කර සමාජ ගතකළ හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගේ පවුල් ස්වයං රැකියා සඳහා යොමුකර එම පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමට රජය කටයුතු යොදා තිබෙනවා. පුනර්ත්ථාපන කොමසාරිස් කාර්යාංශයේ මෙහෙයවීමෙන් මෙය ක්‍රියාත්මකයි. ඒ යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සමාජ ගතකළ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් 39 දෙනෙකු සඳහා ස්වයං රැකියා උපකරණ ප්‍රදානය කෙරුණේ දිස්ත්‍රික් ලේකම් එන් ඒ ඒ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර වව්නියාව ප්‍රදේශයේ පුනරුත්ථාපනය කර සමාජ ගතකළ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් 16 දෙනෙකුට ස්වයං රැකියා උපකරණ බෙදාදීම වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු වුණා. පුනරුත්ථාපන පසු විපරම් සම්බන්ධීකරණ නිලධාරී කර්නල් කේ ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 13:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්